උතුරු මැද, නැගෙනහිර, මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වලට මෙන්ම කිලිනොච්චිය, මුලතිව්, වවුනියා, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල යන දිස්ත්රික්කවලට ප්රබල අකුණු ඇතිවීම සම්බන්ධයෙන් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (15) පෙරවරු 11.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (16) පෙරවරු 01.00 දක්වා බලාත්මක වේ. ඒ අනුව, සඳහන් කළ ප්රදේශවල සවස් හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි ප්රවණතාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී අදාළ ප්රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක්ද හටගත හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

