නේපාලයේ යළිත් දරුණු නායයෑම්

0
18

පසුගිය අගෝස්තු මාසයේ හටගත් දරුණු ගංවතුරින් පීඩාවට පත්ව සිටි නේපාලයට යළිත් වරක් ධාරානිපාත වර්ෂාව සහ ප්‍රබල නායයෑම් හේතුවෙන් දැඩි හානි සිදුවෙමින් පවතී. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරියට අනුව, පසුගිය සති අන්තයේ සිට පවුල් 1,900කට අධික ප්‍රමාණයක් පීඩාවට පත්ව නිවාස 240කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇත. එමෙන්ම මාර්ග, ගොඩනැගිලි සහ පාලම් රැසක් ද ජලයට ගසාගෙන ගොස් තිබේ. නේපාලයේ ප්‍රධාන සංචාරක කලාපයක් වන අන්නපූර්ණ මාර්ගයේ මනාං සහ මුස්තාං දිස්ත්‍රික්කවල සිරවී සිටි දේශීය හා විදේශීය සංචාරකයින් හෙලිකොප්ටර් මගින් මුදාගැනීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මේ අතර, හිම්ලුං කඳුකරයේ හටගත් හිම කඩාවැටීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, මනාංහි චමේ ගම්මානය අසල විශාල නායයෑමක් නිසා ගඟක් අවහිර වී නිර්මාණය වූ තාවකාලික ජලාශයක් හේතුවෙන් නිවාස සහ පාලම් කිහිපයක් යටවී ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here