මැදපෙරදිග ගුවන් ගමන් අත්හිටුවීම 2027 දක්වා දීර්ඝ කිරීමට Cathay Pacific පියවර ගනී

0
22

ඉරානය හා සබඳ මැදපෙරදිග පවතින යුධමය වාතාවරණය තවදුරටත් උග්‍ර වීම හේතුවෙන් කලාපය වෙත සිදුකරන මගී ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවීමට හොංකොංහි Cathay Pacific ගුවන් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සෞදි අරාබියේ රියාද් නගර වෙත සිදුකිරීමට නියමිතව තිබූ මගී ගුවන් ගමන් 2027 ජනවාරි 31 දක්වා අත්හිටුවා ඇති බව අදාළ ගුවන් සමාගම තහවුරු කරයි.

අමෙරිකානු-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් ආරම්භ වීමෙන් පසු Cathay Pacific සමාගම මැදපෙරදිග ගුවන් ගමන් අත්හිටුවීමේ කාල සීමාව දීර්ඝ කළ තෙවැනි අවස්ථාව මෙය වන අතර, කලාපයේ පවතින ආරක්ෂිත අවිනිශ්චිතතාව මීට ප්‍රධාන හේතුව වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here