මාධ්‍යවේදීන්ට නොමිලේ සංඥා භාෂා පුහුණුවක්

0
18

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින් මාධ්‍යවේදීන් වෙනුවෙන් නොමිලේ සංඥා භාෂා පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට තීරණය කර තිබේ. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සභාපතිත්වයෙන් පැවැති ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභා රැස්වීමේදී ඉදිරිපත් වූ මෙම යෝජනාවට අනුමැතිය හිමි විය.

මෙම වසර අවසන් වීමට පෙර පවත්වා සහතිකපත් ප්‍රදානය කිරීමට නියමිත මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වන්නේ ආබාධ සහිත තැනැත්තන්ට මාධ්‍ය ඔස්සේ සන්නිවේදනය නගාසිටුවීම සහ අන්තර්කරණීය සමාජයක් නිර්මාණය කිරීමයි.

මීට අමතරව, රූපවාහිනී වැඩසටහන් සඳහා සංඥා භාෂා පරිවර්තනය ඇතුළත් කිරීමේ නියාමන වැඩසටහනක් ආරම්භ කිරීමටත්, ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් ගෞරවාන්විත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමටත් මෙහිදී තීරණය විය. තවද, ඔවුන්ගේ ස්වයං රැකියා නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වෙළෙඳපොළ අවස්ථා සලසා දීමේ වගකීම සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here