නවසීලන්තයට ප්‍රබලතම සයිබර් තර්ජනය චීනයෙන්

0
10

නවසීලන්ත ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්ෂික වාර්තාවට අනුව, එරටට එල්ල වන ප්‍රබලතම සයිබර් තර්ජනය චීනයෙන් එල්ල වන බව අනාවරණය වී තිබේ.

රාජ්‍ය ආයතන, සෞඛ්‍ය, අධ්‍යාපන සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල සංවේදී දත්ත ඉලක්ක කරගනිමින් මෙම විදේශීය සයිබර් ප්‍රහාර ක්‍රියාත්මක වන අතර, ඒවා පිටුපස චීනය, රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව යන රටවල රාජ්‍ය අනුග්‍රහය ලත් සංවිධානාත්මක කණ්ඩායම් සිටින බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

බටහිර හිතවාදී බුද්ධි ඒජන්සියක් විසින් චීන සයිබර් ඔත්තු බැලීම් සම්බන්ධයෙන් නිකුත් කළ මෙම නවතම අනතුරු ඇඟවීම චීන බීජිං පාලනය විසින් නැවතත් ප්‍රතික්ෂේප කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here