පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයට දැඩි බලපෑම්

0
8

පවතින අයහපත් කාලගුණය සහ අධික වර්ෂාව හේතුවෙන් හැටන්-නුවරඑළිය සහ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල පස්කඳු කඩාවැටීමේ දැඩි අවදානමක් පවතින බැවින් විමසිලිමත්ව රිය පදවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ඊයේ පස්වරුවේ හැටන්-කොළඹ මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයෙන් පස්කන්දක් කඩාවැටීමෙන් අවහිර වූ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇත.

මේ අතර, අධික වර්ෂාපතනයත් සමඟ මාවුස්සාකැලේ, ඉහළ කොත්මලේ සහ කැනියොන් යන ජලාශවල වාන් දොරටු 2 බැගින්ද, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 3ක්ද විවෘත කර තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සලකා බලමින් මධ්‍යම පළාතේ පාසල් 334ක් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here