කොදෙව්වන්ගෙන් ඉන්දියාවට ප්‍රබල පරාජයක් – විස්සයි20 තරගාවලිය සම වෙයි

0
18

හයිද්‍රබාද්හිදී ඊයේ (14) පැවැති සිව්වන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 24කින් පරාජය කළ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. මෙම ජයත් සමඟ තරග 5කින් සමන්විත තරගාවලිය මේ වන විට තරග 2-2ක් ලෙස සම වී තිබේ.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම, නායක ෂායි හෝප්ගේ විශිෂ්ට නොදැවී ලකුණු 102ක ශතකය මුල්කරගනිමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී දැවැන්ත ලකුණු 247ක ඉනිමක් ගොඩනැගීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 248ක අභියෝගතා ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 223ක් පමණි.

ඉන්දියාව වෙනුවෙන් සංජු සැම්සන් (පන්දු 23කදී 56), තිලක් වර්මා (පන්දු 25කදී 43) සහ නිතිෂ් කුමාර් (පන්දු 20කදී 41) ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වුවද, කීමෝ පෝල් කඩුලු 5ක් බිඳ හෙලමින් (41/5) දැක්වූ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඉන්දීය ඉනිම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔවුන්ට නොහැකි විය.

තරගයේ දක්ෂතා අතර කැපී පෙනුණු කොදෙව් නායක ෂායි හෝප් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here