පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කරන ලද නිදහසේ පාද යාත්රාවේ අවසන් දිනය අදට (15) යෙදී තිබේ.
පස්වැනි දිනට ඊයේ (14) නිට්ටඹුව නගරයෙන් ආරම්භ වූ මෙම පාද යාත්රාව කඩවත නගරය වෙත ළඟා වූ අතර, එහි අවසන් අදියර ලෙස අද කඩවත සිට කොළඹ දක්වා පැමිණීමට නියමිතය.
කඩවත දී ඊයේ දිනයේ පාද යාත්රාව නිමාවට පත්වන අවස්ථාවට එක්වෙමින් පූජ්ය උලපනේ සුමංගල හිමියන් ප්රකාශ කළේ, බන්ධනාගාරගත භික්ෂූන් වහන්සේට පිටතට පැමිණීමේදී චීවරය පැළඳීමට අවස්ථාව ලබාදීමට තීන්දු කළ ආකාරයටම, පාගමන කොළඹට පැමිණෙන විට ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවයි.

