ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

0
24

ආදායම් බදු සඳහා ලියාපදිංචි වී සිටින සියලුම දෙනා 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන තම ආදායම් බදු වාර්තා එළැඹෙන නොවැම්බර් 30 වන දිනට පෙර ලබා දිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ නියමිත කාලයට පෙර ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම මඟින් අවසන් මොහොතේ මතුවිය හැකි අපහසුතා සහ ප්‍රමාදයන් සාර්ථකව මඟහරවා ගත හැකි බවයි. බදු ගෙවන්නන්ට පහසුවෙන් තම බදු වාර්තා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීමේ පහසුකම් සලසා දී ඇත.

මෙම බදු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් යම් ගැටළුවක් හෝ වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම්, 1944 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන WWW.IRD.GOV.LK වෙත පිවිසීමෙන් ඒ පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here