අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මෙවරත් ඉන්දියාවේ නිල සංචාරයකට

0
18

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ එළැඹෙන ඔක්තෝබර් 17 සිට 22 දක්වා කාලය තුළ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ මෙම ආසියාතික සංචාරය උස්බෙකිස්තානය සහ ඉන්දියාව යන රටවල් ආවරණය වන පරිදි සිදු කෙරෙන අතර, ඉන්දියාව වෙත පැමිණීමට ප්‍රථම ඔහු උස්බෙකිස්තානය වෙත ගමන් කිරීමට නියමිතය. විශේෂයෙන්ම, මෙය අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මේ වසර තුළ ඉන්දියාවේ සිදුකරන දෙවන නිල සංචාරය වීමද විශේෂත්වයකි.

මෙම ඉන්දීය සංචාරය අතරතුර, අමෙරිකා-ඉන්දීය උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම, කලාපීය සහ ගෝලීය වශයෙන් සිදුවන වෙනස්වීම් පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම මෙන්ම බලශක්ති සහයෝගීතාව ඉහළ නංවා ගැනීම සඳහා වන නව අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට ඔහු ඉහළ පෙළේ ඉන්දීය රජයේ නිලධාරීන් හමුවීමට නියමිතය.

ඊට අමතරව, දෙරට අතර වාණිජ, ආයෝජන සහ ආර්ථික හවුල්කාරීත්වය පුළුල් කරගැනීමේ මඟ පෑදීම සඳහා ඔහු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන් ද හමුවීමට අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here