කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියෙකු ලෙස හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.
වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකය සහ බස්නාහිර පළාත් අඩවි වනජීවී කාර්යාලය ඒකාබද්ධව ඊයේ (18) දිනයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අඹන්පොල, හුණුගල්ලෑව ප්රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 56 හැවිරිදි එම ප්රදේශයේම පදිංචිකරුවෙකි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ සන්තකයේ තිබී බෝර 12 ගිනි අවියක්, බෙහෙත් කොට තුවක්කුවක්, පතොරම් 24ක් සහ වියළන ලද දඩ මස් තොගයක් පොලිස් භාරයට ගැනීමට සමත්ව ඇත. මීට අමතරව, ගල්ගමුව සහ සියඹලන්ගමුව ප්රදේශවල සැරිසැරූ ‘ඩයනා’ නමැති හස්තියාට වෙඩි තබා ඇත්තේද මෙම සැකකරු විසින්ම බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකය පවසයි.
මේ අතර, අර්ජුන, මහසෙන් සහ සැන්ඩෝ යන ප්රසිද්ධ අලි ඇතුන් සම්බන්ධයෙන් ද පසුගිය දින කිහිපය තුළ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම්, පරිසරවේදී නයනක රන්වැල්ල මහතා කියා සිටී.

