කාවන්තිස්ස මහ ඇතු සියඹලන්ගමුව ප්‍රදේශයේදී අසනීප තත්ත්වයෙන් බිම වැටී සිටියදී හමුවෙයි

0
14

මෙරට සිටින විශාලතම සහ උසම වන අලියෙකු ලෙස සැලකෙන ප්‍රසිද්ධ ‘කාවන්තිස්ස’ මහ ඇතු අද (16) උදෑසන සියඹලන්ගමුව ප්‍රදේශයේදී අසනීප තත්ත්වයෙන් බිම වැටී සිටියදී සොයාගෙන තිබේ.

ගල්ගමුව ප්‍රදේශයේ වාසය කරන මෙම ඇතාගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් සිදු වූ බවට සැක කෙරෙන තුවාලයක් සඳහා පසුගිය 24 වැනිදා සිට පශු වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ආරම්භ කරනු ලැබීය. පාදයේ තුවාලය තරමක් සුව අතට හැරුණද, පසුගිය දින කිහිපය තුළ ඇතා නිසි පරිදි ආහාර නොගැනීම ඇතුළු අසනීප ලක්ෂණ පෙන්නුම් කළ බව පශු වෛද්‍ය කණ්ඩායම් පවසති.

මේ අතර, ගල්ගමුව, ගිරිබාව සහ මීගලෑව ආශ්‍රිතව සැරිසරන කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට පෙරේදා (14) විශේෂ උපදෙස් ලබා දී තිබිණි. එසේම, ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සහ ප්‍රතිකාර කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍යවරයා ඊයේ (15) විශේෂ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

කෙසේ වෙතත්, පාදයේ තුවාලය සුව වුවද ඇතාගේ සිරුරේ පවතින අනෙකුත් අසනීප තත්ත්වය හේතුවෙන් උන්වහන්සේ (ඇතා) දැඩි දුර්වලතාවකින් පසුවන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here