ඉන්දියාවේ මැතිවරණ ප්රතිසංස්කරණ ඉල්ලා සිටින ‘කැරපොතු ජනතා පක්ෂයේ’ (Cockroach Janata Party) ආධාරකරුවන් දහස් ගණනක් අද (16) දිල්ලි නුවර වීදි බැසීමට සූදානම් වන බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
පසුගිය සතියේ පැවති විරෝධතාවක් පොලිසිය විසින් මැඩපවත්වා කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, එහි නායකයන් දෙදෙනෙකු දින පහක සිර දඬුවමකට යටත්ව සිටී. තරුණ පරපුරේ මූලිකත්වයෙන් පටන්ගත් මෙම මැතිවරණ ප්රතිසංස්කරණ ඉල්ලීම, මේ වන විට විරෝධතා දැක්වීමේ අයිතිය සුරක්ෂිත කරගැනීමේ පුළුල් අරගලයක් දක්වා වර්ධනය වී තිබේ.
අද (16) දිනයේ දිල්ලි නුවර කොනොට් පෙදෙසේ සෙන්ට්රල් උද්යානයට රැස්වීමට විරෝධතාකරුවන් සැලසුම් කළද, එම ප්රදේශය විරෝධතා සඳහා අනුමත කර නොමැති බව පොලිසිය අවධාරණය කරයි. මේ වන විටත් මහජන රැස්වීම් සීමා කිරීමේ නියෝග ක්රියාත්මක වන බැවින්, නියෝග කඩ කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා බව දිල්ලි පොලිසිය අනතුරු අඟවා ඇත.
කෙසේ වෙතත්, දිල්ලි නුවරට පැමිණීමට නොහැකි රටේ අනෙකුත් ප්රදේශවල ආධාරකරුවන්ටද, තමන් සිටින ස්ථානවලදීම ඉන්දීය ජාතික ධජය ඔසවමින් මෙම විරෝධතාවට එකතු වන ලෙස ‘ඩිප්කේ’ සංවිධානය ඉල්ලා තිබේ.

