ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

0
21

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් මඟින් අලෙවි කර රුපියල් මිලියන 21ක සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ මහත්මිය අද (29) නියෝග කළාය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය පෙන්වා දුන්නේ විත්තිකරුට එරෙහිව පැමිණිලි පාර්ශ්වය ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නැමැත්තාගේ පැමිණිල්ලකට අනුව යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here