ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය. බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට වැසි

0
10

ඉදිරි පැය 36ක කාලය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව, ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, එමඟින් සිදුවිය හැකි හානි අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here