ලබන ඉරිදා පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා පාගමනට පෙර තම පවුල පකිස්තාන පාලකයන්ගේ ලැජ්ජාසහගත මර්දනයකට මුහුණ දෙමින් සිටින බව සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පුත්, 29 හැවිරිදි සුලෙයිමාන් ඛාන් පවසයි.
ජනතාව බියගැන්වීමේ අරමුණින් ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තිදෙනෙකු ඇතුළු පවුලේ සාමාජිකයන් සහ PTI ක්‍රියාකාරීන් සිය ගණනක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පෙන්වාදෙන ඔහු, මෙම ෆැසිස්ට් පාලනයට එරෙහිව තදින් සිටගන්නා ලෙස බටහිර ආණ්ඩුවලින් ඉල්ලා සිටියි.
අගනුවර වන ඉස්ලාමාබාද් වෙත කැඳවා ඇති මෙම විරෝධතාව මැඩපැවැත්වීමට රජය විසින් වීදි අවහිර කර ඇති අතර රෝහල් පවා හදිසි තත්ත්වයකට සූදානම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

