අධික වැස්සෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ යටවෙයි

0
5

පවතින අධික වර්ෂාපතනය සහ කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ අද (25) පස්වරුවේ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබේ.

එමඟින් මගීන්, වෙළෙඳුන් මෙන්ම බස් රථ කාර්ය මණ්ඩල ද දැඩි අසීරුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ අතර ඉදිරි පැය 36 තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මීට අමතරව ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here