අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

0
11

දිවයින පුරා පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සහ තද සුළං පිළිබඳ කාලගුණ අනතුරු ඇඟවීම

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි පතිත විය හැකිය.

තවද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද පැවැත්වීමට ඉඩ ඇත. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here