රුහුණ විශ්වවිද්‍යාල මුස්ලිම් ශිෂ්‍ය සංගමය විසින් සිදුකළ “අරුණාලෝකය” යන තේමාවෙන් වූ වැඩසටහනක් රුහුණු විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීටයේ ශිෂ්‍යයන් සඳහා එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සාර්ථකව පැවැත්විනි. මෙම වැඩසටහනට අනුග්‍රහය දක්වනු ලැබුවේ ද මෙහෙයවනු ලැබුවේ ද නිඩා පදනම විසිනි.
මුස්ලිම්වරුන් පිළිබඳව ඇති වැරදි මතයන් හා සැකයන් දුරුකර ඒ පිළිබඳව මනා ලෙස පැහැදිලි කරන ලදි. මෙහිදී සහජීවනය වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳව ද පැහැදිලි කිරීම් කරන ලදී.
මෙම වැඩසටහන 2026 ඔක්තෝබර් මස 7 වන බදාදා දින මාතර රුහුණු විශ්වවිද්‍යාලයේදී පැවැත්විය.


