ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වලදී ජනිත් ලියනගේ සහ පවන් රත්නායකගෙන් කැපී පෙනෙන ලෙස ඉදිරියට

0
3

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කරනු ලැබූ නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල සුවිශේෂී ප්‍රගතියක් පෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන ජනිත් ලියනගේ සහ පවන් රත්නායක සමත්ව තිබේ.

මෙහිදී, මීට පෙර 24 වැනි ස්ථානයේ පසුවූ ජනිත් ලියනගේ ස්ථාන 10ක් ඉදිරියට පැමිණෙමින් මේ වන විට 14 වැනි ස්ථානය හිමිකරගෙන ඇත., පවන් රත්නායක දැවැන්ත පිම්මක් පනිමින් ස්ථාන 39ක් ඉහළට පැමිණ 36 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයකි.

පාකිස්ථානයේදී ක්‍රියාත්මක වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී මෙම ක්‍රීඩකයින් දෙදෙනා දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ඔවුන්ට මෙම ඉහළ ශ්‍රේණිගත කිරීම් හිමිව ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here