මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් (FCID) කැඳවීමක් ලැබී තිබියදී හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය විදේශගත වූ බවට පළවන වාර්තා අසත්‍ය බව රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු ප්‍රකාශ කර තිබේ.
පෞද්ගලික රෝහලක සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණි ඇයට මීට පෙර FCID වෙත පැමිණෙන ලෙස කිසිදු දැනුම්දීමක් කර නොතිබූ බවත්, අද (16) අලුයම 12.50ට ගුවන් යානය පිටත්වීමට ආසන්නව තිබියදී ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් අදාළ කැඳවීම් ලිපිය ඇය වෙත භාරදුන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙලෙස ගුවන් තොටුපළට පැමිණීමෙන් පසුව පමණක් අදාළ ලිපිය ලැබී ඇති ශිරන්ති රාජපක්ෂ මහත්මිය එළඹෙන 19 වනදා නැවත දිවයිනට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

