ඉතිහාසයේ පළමු වරට ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ ජනගහනය ලක්ෂ සීමාව පසුකර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි.
ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති අලුත්ම දත්තවලට අනුව එම සංඛ්‍යාව 107,677ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සියවස් සපිරූ ලක්ෂයකට අධික වැඩිහිටි පිරිසක් වෙසෙන ලොව එකම රට බවටද ජපානය පත්ව තිබේ.
විශේෂයෙන්ම මෙම පිරිසෙන් 88%ක්ම කාන්තාවන් වීම කැපී පෙනෙන කරුණකි. එරට පවතින උසස් සෞඛ්‍ය පද්ධතිය, ගුණාත්මක ඖෂධ භාවිතය සහ දියුණු වෛද්‍ය තාක්ෂණය මෙලෙස ආයු කාලය දීර්ඝ වීමට ප්‍රධාන හේතු වූ බව ජපාන සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

