කුරුවිට බන්ධනාගාර සිද්ධියෙන් දෙදෙනෙකු මරුට

0
4

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පවසයි.

මෙම ගැටුම හේතුවෙන් කිහිපදෙනෙකු මේ වනවිට තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

මෙම බන්ධනාගාරයේ අද (07) උදෑසනද මෙම නොසන්සුන්තාව හට ගෙන තිබේ.

එය පාලනය සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාරද එල්ලකර ඇත.

කුරුවිට බන්ධනාගාර ප්‍රකාශයෙකු සඳහන් කර සිටියේ, ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන තිබූ බවත්, පසුව එය පාලනය කිරීමට කටයුතු කළ බවය.

කෙසේ නමුත් අද උදෑසන යළිත් රැඳවියන් අතර යළි නොසන්සුන්තාවක් ඇතිව තිබේ.

එහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here