නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (07) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ එහි තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බවයි.
එසේම රැඳවියන් නම දෙනෙකු වෙනත්මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලීසිය, පොලිස් විශේෂදද කාර්ය බළකාය, ත්‍රිවිද හමුදාව යොදවා ඇති බවත්ද පැවසූ ඒ මහතා ඊයේ ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා ද එම නිලධාරීන්ගේ සහයෝගය ලබා ගත් බවද සඳහන් කළේය. බන්ධනාගාර වෙත මාරු කිරීමටද පියවර ගෙන තිබේ.
එමෙන්ම මේ වන විට ඇති වූ තත්ත්වය සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
මේ අතර මතුව ඇති තත්ත්වය හමුවේ බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම අද දින සිදු නොකිරීමටද තීරණය කර තිබේ.

