තරුණ පරපුර විදේශගත වී රැකියාවක නිරත වීම තුළින් ලබන ආදායම ඔවුන්ගේ පවුල්වල සුභසිද්ධියට මෙන්ම සමස්ත රටේ ආර්ථික ජීවනාලිය ශක්තිමත් කිරීමට ද මහත් පිටුවහලක් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ශ්‍රී ලංකා සහ ඊශ්‍රායල රජයන් අතර 2023 වසරේදී අත්සන් කරන ලද ගිවිසුමට අනුව රැකියා 14,000ක් සඳහා ශ්‍රමිකයන් යැවීමේදී 70%ක ප්‍රතිශතයක් රජය හරහාත්, ඉතිරි 30% පෞද්ගලික අංශය හරහාත් යැවීමට එකඟ වී තිබුණි. කෙසේ වෙතත්, 2025 සහ 2026 වසර වන විට මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර, දැනට පෞද්ගලික අංශය හරහා 70%ක් සහ රජය හරහා 30%ක් ලෙස ශ්‍රමිකයන් යැවීම සිදුවන බවත්, මෙය බරපතල වංචනික ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා චෝදනා කරයි.
රජය මාර්ගයෙන් ඊශ්‍රායලයට යාම සඳහා වැය වන්නේ රුපියල් ලක්ෂ 4ක මුදලක් වුවද, පෞද්ගලික විදේශ රැකියා ආයතන හරහා යෑමේදී එක් ශ්‍රමිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 45ක තරම් අධික මුදලක් අය කරනු ලබයි. එක් ශ්‍රමිකයෙකු සැපයීම වෙනුවෙන් පෞද්ගලික ආයතන ඇමෙරිකානු ඩොලර් 5000ක පමණ අසීමිත ලාභයක් ලබන අතර, මේ වන විට ඊශ්‍රායලයට යාමට සුදුසුකම් ලබා සිටින 3,500ක පිරිසකට මෙම අධික පිරිවැය නිසා විශාල අසාධාරණයක් සහ අපහසුතාවයක් සිදුවී තිබේ. ලක්ෂ 45ක් ගෙවා විදේශගත වීමට සිදුවීම අසාධාරණ බැවින්, රජය මැදිහත් වී මෙම පිරිසට අඩු පිරිවැයකින් විදේශගත වීමේ අවස්ථාව සලසා දිය යුතු බව ඔහු අවධාරණය කරයි.
ජාතික ජන බලවේග රජය ලබාදුන් පොරොන්දු ප්‍රකාරව සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා, මුල් ගිවිසුම පරිදි රජයේ ප්‍රතිශතය 70% දක්වාත්, පෞද්ගලික අංශයේ ප්‍රතිශතය 30% දක්වාත් නැවත සකස් කරන ලෙස ඉල්ලා සිටියි. එමෙන්ම ඊශ්‍රායල රජය සමග නැවත සාකච්ඡා කර රජයේ මාර්ගයෙන් යැවීමේ ක්‍රමවේද වැඩි කිරීමට පියවර ගන්නේ නම් එය රටටත්, විදේශගත වන තරුණයින්ටත් විශාල වාසියක් වන බව හෙතෙම සඳහන් කරයි. ඒ අනුව, රැකියා අපේක්ෂිත තරුණයින්ට රුපියල් ලක්ෂ 4ක මුදලකින් ඊශ්‍රායලයට යාමට ඇති අයිතිය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඬ නඟමින් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මේ අතර ඊශ්‍රයාල යනු වසර ගණනාවක් තිස්සේ පලස්තීන ජනතාවට විරුද්වධ අමානුෂීය ලෙස සලකන රටක් බැවින් එම රටට විරුද්වධව ලෝකයේ විවිධ රටවල් තමන්ගේ විරුද්තාධතාව පල කර සිටින අතර ජාත්‍යන්තර අධිකරණයද විවෘත වාරණයක් ප්‍රකාශ කර තිබේ මේවැනි අවස්ථාවක වර්තමාන රජයත් විපක්ෂ නායක තුමත් ඊශ්‍රායල් පිලිබදව දෙබෙදී ස්ථාවරයක සිටීම කණගාටුවට කරුණක්.

