අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (06) රාත්‍රී 10.00 සිට හෙට (07) පෙරවරු 5.00 දක්වා පැය 7ක කාලයක් වැල්ලවත්ත සහ පාමංකඩ ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.
මෙම ජල කප්පාදුව සිදු කෙරෙන්නේ මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් වෙනුවෙනි.
මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල වැසියන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව පළ කරයි.
එමෙන්ම, අපහසුතාවලින් වළකින්නට අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙසත්, පවතින ජලය හැකි තරම් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

