යල කන්නයේ වී මිලදී ගැනීම් අඛණ්ඩව

0
2

යල කන්නයට අදාළව වී මිලදී ගැනීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිදු කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි.

ඒ අනුව ඉකුත් ජූලි මාසයේ සිට මේ දක්වා වූ කාලසීමාව තුළ වී ටොන් 19,592ක ප්‍රමාණයක් මිලදී ගැනීමට මණ්ඩලය සමත්ව තිබේ. පවතින අස්වනු නෙළීමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී තවදුරටත් ගබඩා විවෘත කිරීමට පියවර ගන්නා අතර, මේ වන විටත් දිවයින පුරා ගබඩා 100කට අධික සංඛ්‍යාවක් විවෘත කර වී මිලදී ගැනීම් සිදුකරමින් පවතී.

කෙසේ වෙතත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින සියලුම ගබඩා මෙතෙක් විවෘත කර නොමැති අතර දැනට ක්‍රියාත්මක වන්නේ සීමිත ගබඩා සංඛ්‍යාවක් පමණි.

ඉදිරි දිනවලදී එම ප්‍රදේශවල වී අස්වනු නෙළීම පුළුල් ලෙස ආරම්භ වීමත් සමඟම ඉතිරි ගබඩාවන් ද වහාම විවෘත කිරීමට කටයුතු කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here