ශිෂ්‍යත්ව සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වෙන කාලසීමාව තුළ ඇති විය හැකි හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංක 5ක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ විභාගයට පෙර දින සිට විභාගය අවසන් වන තෙක්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ පූර්ණ සහයෝගය ඇතිව මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවයි.
යම් හදිසි ආපදා තත්ත්වයක් මතුවුවහොත් සිසුන් සුරක්ෂිතව විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමටත්, ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය සහ නිලධාරීන්ගේ රාජකාරී කටයුතු පහසු කිරීමටත් අවශ්‍ය සියලු සැලසුම් සකස් කර ඇත.
මීට අමතරව 117 ක්ෂණික ඇමතුම් අංකය ද අඛණ්ඩව විවෘතව පවතින අතර, පවතින තත්ත්වය පිළිබඳ තාක්ෂණික වාර්තා පැය 3න් 3ට හෝ 6න් 6ට ලබාදීමට නියමිතය. මෙම අලුතින් හඳුන්වා දෙන විශේෂ දුරකථන අංක 5 විභාගයට පෙර දිනයේදී මහජනතාව වෙත නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.

