ප්‍රකට කවි අෂ්රෆ් සිහාබ්දීන් විසින් රචිත මෙම කෘතිය එළිදැක්වීමේ උත්සවය ශ්‍රී ලංකාවේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මුහුණ දුන් අභියෝග, අසාධාරණයන්ට එරෙහිව සිදුකළ අරගලය සහ ඔහුගේ ජීවිත කතාව අමුණා ප්‍රකට කවි අෂ්රෆ් සිහාබ්දීන් (Ashraf Sihabdeen) විසින් රචිත ඉංග්‍රීසි ග්‍රන්ථය එළිදැක්වීමේ විශේෂ උත්සවය එළඹෙන 16 වනදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.
දැනුම, අත්දැකීම් සහ කැපවීමෙන් පිරි චරිතයක ජීවන ගමන පිළිබඳව හැදෑරීමට ලැබෙන පූර්ණ අවස්ථාවක් ලෙස සැලකෙන මෙම ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවය සඳහා සම්බන්ධ වන ලෙස සංවිධායකයෝ මහජනතාවට ආරාධනා කර සිටිති.
උත්සවය සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන පිරිස් සඳහා ආසන වෙන්කිරීමේ පහසුකම් සලසා ඇත.මේ සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන අය වෙත අදාළ සමාජ මාධ්‍ය සටහනේ “I’m Coming” ලෙස සටහන් කරමින් (Comments Box) තමන්ගේ සහභාගීත්වය තහවුරු කරන ලෙස දන්වා තිබේ.
වෛද්‍ය ෂාෆිගේ අත්දැකීම් සහ යුක්තිය උදෙසා වූ අරගලය අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින් මෙම ග්‍රන්ථය එළිදක්වනු ලබයි.


