කාලගුණයෙන් රතු නිවේදනයක්

0
10

තද සුළං සහ රළු මුහුද පිළිබඳව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරය සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද (06) උදෑසන 10.00ට නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 24 පුරා වලංගු වේ.

අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි අතර මුහුද ද විටින් විට ඉතා රළු විය හැකි බැවින්, නැවත දැනුම්දෙන තුරු එම මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැඩි ලෙස අවධාරණය කෙරේ.

මේ අතර, මඩකලපුව සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන සෙසු මුහුදු තීරයේ ද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි වී මුහුද රළු විය හැක.

එම ප්‍රදේශවල නිරත වන ධීවර හා නාවික පිරිස් මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන කෙරෙහි නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here