පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ.
ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක විශිෂ්ට දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනාගත් ඔහු, ශ්‍රේණිගත කිරීමේ ලකුණු 1,354ක් ලබා ගනිමින් මෙලෙස ලෝකයේ පළමු ස්ථානයට පත්ව ඇත.
මෙය ශ්‍රී ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සමත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ද රුමේෂ් තරංග ඉතිහාසගත වේ.

