මෙරට ඩෙංගු මරණ 63 දක්වා ඉහළට

0
8

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

මේ වසරේ ගතවූ කාලය තුළ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,088ක් දක්වා වර්ධනය වී ඇති අතර, මේ මස ගෙවුණු කෙටි කාලසීමාව තුළ පමණක් රෝගීන් 2,739 දෙනෙකු හඳුනාගෙන තිබේ.

දිවයින පුරා ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යන තත්ත්වයක් මේ වන විට දක්නට ලැබේ.

සමස්ත රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වන 21.27%ක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයකි.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,490ක්, මහනුවරින් 6,195ක්, මාතරින් 5,910ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,753ක් ලෙස වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here