පකිස්ථාන රජය විසින් සමරනු ලබන වාර්ෂික යාම්-ඊ-ඉස්තෙසාල් දිනය අද ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේදී සමරුණි.

0
4

එක්සත් ජාතීන්ගේ යෝජනා උල්ලංඝනය කරමින් ජම්මු සහ කාශ්මීරයේ විශේෂ තත්ත්වය (370 වගන්තිය) ඉන්දීය රජය විසින් අත්තනෝමතික ලෙස අවලංගු කිරීම හෙළා දැකීම සඳහා පකිස්ථාන රජය විසින් සමරනු ලබන වාර්ෂික යාම්-ඊ-ඉස්තෙසාල් දිනය අද ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයාර් නසීර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට චීනය, ඉරානය, තුර්කිය, මැලේසියාව සහ අනෙකුත් රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙන්ම ආරක්ෂක සහ සිවිල් ප්‍රභූවරුන් ද සහභාගී වූහ.

සමාජ ක්‍රියාකාරික සිරාස් යූනුස් මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශ්‍රී ලංකා මාධ්‍යයට, විශේෂයෙන් සිංහල මාධ්‍යයට, කාශ්මීරයේ දුක් වේදනා ගැන කතා කරන ලෙස ඉල්ලා සිටියේය.

සැතපුම් දහස් ගණනක් ඈත ගාසා තීරය ගැන කතා කරන අපේ රටේ මාධ්‍ය, අසල කාශ්මීරය ගැන කතා නොකරන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

මෙම අවස්ථාවට ජම්මු සහ කාශ්මීරයේ ඛේදවාචක පෙන්වන වාර්තා චිත්‍රපටයක් සහ පකිස්ථාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ විශේෂ පණිවිඩ කියවන ලදී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here