චීනයෙන් තවත් පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශයට

0
3

චීනය විසින් තවත් පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශගත කිරීමට පියවර ගෙන තිබේ. ඊයේ (04) එරට වේලාවෙන් පස්වරු 4:52ට Hainanහි පිහිටි වාණිජ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් Long March-8A ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් මෙම චන්ද්‍රිකා සමූහයේ 23 වන කාණ්ඩය අභ්‍යවකාශය වෙත ගුවන්ගත කෙරිණි.

අභ්‍යවකාශගත කිරීමෙන් අනතුරුව අදාළ චන්ද්‍රිකා නියමිත පරිදි සාර්ථකව කක්ෂගත වූ අතර, ඒ සමඟම සමස්ත මෙහෙයුම පූර්ණ ලෙස සාර්ථක වූ බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here