රුමේෂ් තරංගට ගුවන් හමුදාවෙන් උසස්වීමක්

0
4

පසුගියදා නිමාවට පත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ලෝක ශූරයන් පරාජයට පත් කරමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කමක් අත්කර දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රුමේෂ් තරංග සමත් විය.

මාතෘ භූමියට විශාල අභිමානයක් එක්කළ ඔහුගේ මෙම අසමසම දක්ෂතාව මෙන්ම මීට පෙර ලබා ඇති ජයග්‍රහණයන් ද ඇගයීමට ලක් කෙරිණි.

ඒ අනුව, අද (05) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් රුමේෂ් තරංග ක්‍රීඩකයා කෝප්‍රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට පියවර ගන්නා ලදී. මීට අමතරව, ඔහු වෙත විශේෂ මූල්‍ය ත්‍යාගයක් ද පිරිනැමිණි.

මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සිටි පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහතාගේ සහ භෞතික චිකිත්සක කෝප්‍රල් වන්දිම ගුරුසිංහගේ සේවය ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත ද මුදල් ත්‍යාග පිරිනැමීම සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here