පැය 24ක් සඳහා නායයෑම් පෙර ඇඟවීම් නිවේදනයක්

0
4

අද (05) පෙරවරු 9.00 සිට බලපැවැත්වෙන පරිදි ඉදිරි පැය 24 සඳහා නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ නිවේදනයේ සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි බැවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අවදානමක් පවතින බැවින්, එම ප්‍රදේශවාසීන් මෙන්ම අනතුරුදායක මාර්ග හරහා ගමන් ගන්නා පිරිස් ද දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය. අවශ්‍යතාවයක් ඇති වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කිරීමට සූදානමින් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, යම් හදිසි අවස්ථාවක් මතුවුවහොත් සහාය ලබාගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය, 117 හදිසි ඇමතුම් අංකය සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක පැය 24 පුරාම සක්‍රියව ක්‍රියාත්මක වන බව ද වැඩිදුරටත් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here