එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ඉදිරි සංචාරයකට දින කිහිපයකට පෙර, ලොස් ඇන්ජලීස් හි පිහිටි ඔහුගේ ගොල්ෆ් සමාජශාලා පරිශ්‍රයේදී පිරවූ ගිනිඅවියක් (handgun) සහ හොලෝ-පොයින්ට් (hollow-point) වර්ගයේ පතොරම් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ප්‍රාදේශීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රැන්චෝ පාලෝස් වර්ඩෙස් හි පිහිටි ‘ට්‍රම්ප් නැෂනල් ගොල්ෆ් ක්ලබ්’ (Trump National Golf Club) හිදී ඉරිදා දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි ජෙනීන් ජෝන් ටේලේ (Jeanine John Taele) නැමැති පුද්ගලයෙකි.
අඟහරුවාදා පැවැත්වීමට නියමිත රිපබ්ලිකන් පක්ෂයේ අරමුදල් රැස්කිරීමේ රාත්‍රී භෝජන සංග්‍රහයකට ට්‍රම්ප් මහතා සහභාගී වීමට නියමිතව තිබූ අතර, ඊට පෙර සූදානම් කෙරෙන ආරක්ෂක විධිවිධාන නිරීක්ෂණය කරමින් පරිශ්‍රය ඡායාරූපගත කරමින් සහ වීඩියෝ කරමින් සිටියදී මොහුව හසු වී ඇති බව ලොස් ඇන්ජලීස් කවුන්ටි ෂෙරිෆ් දෙපාර්තමේන්තුව පවසයි.
සැකකරුගේ සාක්කුවේ තිබී පතොරම් 16ක් සහිත මැගසින් එකක් සොයාගත් බවත්, පසුව ගොල්ෆ් පිටියේ රථ ගාලේ තිබූ ඔහුගේ රථය පරීක්ෂා කිරීමේදී තුවක්කු කඳේ පතොරමක් යොදා සූදානම් කර තිබූ පින්තූර තුවක්කුවක් (loaded pistol) සහ තවත් පතොරම් පිරවූ මැගසින් එකක් සොයා ගෙන තිබේ.

