කාලගුණයෙන් රතු නිවේදනයක්

0
4

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ ‘රතු නිවේදනයක්’ නිකුත් කර තිබේ.

ඒ අනුව හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බැවින් නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු සීමාවල යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට දැඩි ලෙස දැනුම් දෙයි.

මීට අමතරව, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු සීමාවන් ද විටින් විට රළු විය හැක.

එබැවින් එකී ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදෙන පිරිස් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙස ද ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here