අද (05) උදෑසන 8.00ට පමණ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේය. ඒ අනුව තත්පරයට ගණ අඩි 130ක ජල ධාරිතාවක් මහවැලි ගඟට මුදාහැරීමට නියමිත වූ බව කොත්මලේ ජලාශ භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා විසින් දැනුම් දෙන ලදී.
මේ හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල මහවැලි ගඟ දෙපස පිහිටි පහත්බිම්වල ජීවත් වන ජනතාවට වඩාත් අවධානයෙන් හා සැලකිලිමත් ලෙස පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දී සිටියේය.

