මෙරට ඩෙංගු රෝගීන් 87,000ට ආසන්න වෙයි

0
3

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම වාර්තාවලට අනුව, මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 87,000 සීමාවට ආසන්න වී තිබේ. ඊයේ (03) දින වන විට මුළු රෝගීන් සංඛ්‍යාව 86,947ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අගෝස්තු මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,598 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇත.

පවතින තත්ත්වය හමුවේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන දිස්ත්‍රික්කය ලෙස ගම්පහ දිස්ත්‍රික්කය හඳුනාගෙන ඇති අතර, එය සමස්ත රෝගීන්ගෙන් 21.24%ක ප්‍රතිශතයකි. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,187ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,082ක් වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට මෙරටින් මරණ 62ක් වාර්තා වන අතර, එය රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව 0.07%ක මරණ ප්‍රතිශතයක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here