අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5කට බලපෑම්. මරණ 7ක්, 2,900කට වැඩි පිරිසක් පීඩාවට

0
3

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36කට අයත් පවුල් 769ක පුද්ගලයින් 2,971 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර ආපදා මරණ 7ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ප්‍රදේශ කිහිපයකට ගංවතුර සහ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන මුත්, ගත වූ පැය 12 තුළ වර්ෂාපතනයේ යම් අඩුවක් දක්නට ලැබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත්, ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස නෝටන් ප්‍රදේශයෙන් මි.මී. 258.6ක් වාර්තා වී ඇති අතර කැනියන්, ලක්ෂපාන, කාසල්රී, මාඕස්සාකැලේ, ඉහළ කොත්මලේ සහ කොත්මලේ යන ප්‍රදේශවලටද මිලිමීටර් 100 ඉක්මවූ අධික වර්ෂාපතනයක් ලැබී තිබේ.

මේ අතර, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ සුළගේ වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා ඉහළ යමින් මුහුද ඉතා රළු විය හැකි බැවින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇත. එම නිසා නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here