දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් මරණ 6ක්.

0
4

මේ වනවිට සබරගමුව පළාතට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ආපදා මරණ 6ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එසේම දියේ ගිලී එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇත.

ඊයේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ පොල්පිටිය මොරහේනේගම ප්‍රදේශයේ පිහිටි නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගියහ.

මියගොස් ඇත්තේ 47 හැවිරිදි සහ 83 හැවිරිදි අදාළ නිවසේ පදිංචි කාන්තාවක් දෙදෙනෙකු සහ මාතලේ සිට පැමිණි ඔවුන්ගේ 22 හැවිරිදි හා 58 හැවිරිදි ඥාතීන් දෙදෙනෙකු බව පොලීසිය පැවසුවේය.

මේ අතර, නාවලපිටිය සෝලංකන්ද ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් මතට හදිසියේ පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් 67 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණි.

අනතුරින් පසුව නාවලපිටිය – දොලොස්බාගේ මාර්ගයේ 2 වන කණුව අසල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අවහිර වුණි.

තවද වටවල පොලිස් වසමේ ඥානානන්දගම මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති පාලමෙ මතින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මහවැලි ගඟට වැටී දියේ ගිලී මියගොස් තිබුණි. එහිදී මියගොස් ඇත්තේ 53 හැවිරිදි වටවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ දහවල් ගිනිගත්හේන පොලිස් වසමේ අඹගමුව ප්‍රදේශයට හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවුනු මාර්ගයක ගමන්ගත් පුද්ගලයෙකු ජල පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 45ක් වූ අඹගමුව ප්‍රදේශයේ අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here