කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

0
1

කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24ක කාලය තුළ එම ප්‍රදේශ ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එම වර්ෂා සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බැවින් විශේෂයෙන්ම දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් රැසක් මෙලෙස ගංවතුර අවදානමකට ලක්විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මේ හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බැවින්, ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන මහජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් ද දැඩි සැලකිල්ලකින් සහ අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here