පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට දැනට බලපා ඇති වැසි සහ සුළං සහිත කාලගුණය අද දිනයේදීත් තවදුරටත් අපේක්ෂා කළ හැක.
මේ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
මීට අමතරව, මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි වුවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයකි.
කාලගුණයට සමගාමීව සුළඟේ වේගය ද ඉහළ යා හැකි අතර බස්නාහිර, සබරගමුව, දකුණ, උතුර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං ඇතිවිය හැක.

