ජර්මනියේ අධික උෂ්ණත්වයෙන් මියගිය ගණන 10,000කට ආසන්න වෙයි

0
3

ජර්මනියේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් පුද්ගලයින් 9,800කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ‘RKI’ සෞඛ්‍ය ආයතනය පවසයි. ඊයේ (30) දින නිකුත් කරන ලද ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව, මෙලෙස මියගිය පිරිසෙන් බහුතරයක් වයස අවුරුදු 75 හෝ ඊට වැඩි වයස්ගත පුද්ගලයින් බව හඳුනාගෙන තිබේ.

ජර්මනියේ සතියක සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 සීමාව ඉක්මවා යාමත් සමඟ මෙලෙස තාප කම්පන හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වෙතත්, ඉදිරි දිනවලදී මෙම අවදානම තවදුරටත් දරුණු විය හැකි බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඉදිරියේදී දිනයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාවට වඩා ඉහළ යා හැකි බැවින්, පවතින තත්ත්වය හමුවේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව පෙන්වා දෙන සෞඛ්‍ය බලධාරීන්, පවතින අධික රස්නයෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here