ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පුත්තලම මූලික රෝහල වෙත විශේෂ සංචාරයක නිරත විය.
එහිදී රෝහලේ මේ වනවිට ක්‍රියාත්මක වන විවිධ සංවර්ධන කටයුතු ඔහු විසින් නිරීක්ෂණය කළේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව 6 වන වාට්ටුවේ ක්‍රියාත්මක වන සංවර්ධන කටයුතු ඔහු විසින් විශේෂයෙන් නිරීක්ෂණය කරන ලදී.තවද, රෝහලේ ළමා වාට්ටුවේ වහලය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමේ අරමුණින් පරිත්‍යාගශීලියෙකු ද මෙම සංචාරයට කැඳවාගෙන පැමිණ තිබුණි.
රෝහලේ අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය සහාය සහ සහයෝගය අඛණ්ඩව ලබාදීමට ද ලේකම්වරයා පොරොන්දු විය.ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ බිරිඳ සිය මූලික වෛද්‍ය පුහුණුව මෙම රෝහලෙන්ම ලබා තිබීම, මෙම සංචාරයේ තවත් විශේෂත්වයක් විය.
මෙම සංචාරයේදී පුත්තලම මහ නගර සභාවේ නගරාධිපති ඉංජිනේරු රින්සාද් අහමඩ්, පුත්තලම මූලික රෝහලේ නව වෛද්‍ය අධිකාරීවරයා, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ රෝහල් පරිපාලන නිලධාරීන් විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පිළිගනු ලැබීය.
මෙම සංචාරය සිහිපත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.


