විපක්ෂ නායක සහ ඇමරිකානු නියෝජිත මන්ත්‍රී ක්‍රිසි හවුලාහන් අතර විශේෂ හමුවක්

0
5

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මෙන්ම එහි බුද්ධි කමිටුවේ සාමාජිකාවක වන ක්‍රිසි හවුලාහන් මහත්මිය ඇතුළු දූත පිරිස අතර නිල හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම අරමුණු කරගත් මෙම සාකච්ඡාවේදී, දෙරටේ ආර්ථික සහයෝගීතාව, යහපාලනය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව සහ කලාපීය ස්ථාවරත්වය යන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ඇමරිකානු රජයේ අඛණ්ඩ සහයෝගීතාවයේ ඇති වැදගත්කම විපක්ෂ නායකවරයා විසින් පෙන්වා දෙන ලදී.

එමෙන්ම, දෙරට අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සහ මිත්‍රත්වය විදහා දක්වමින් පසුගිය සමය පුරාම ඇමරිකා එක්සත් ජනපදය මෙරටට ලබාදුන් නොමඳ සහයෝගය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා සිය කෘතඥතාව ද දූත පිරිස වෙත පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here