නවීන ‘මෙට්‍රෝ’ බස් රථ 104ක් කොළඹ වරායට ළඟා වෙයි

0
6

මෙරට පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම, ආරක්ෂිත සහ උසස් ප්‍රමිතියකින් යුතුව නවීකරණය කිරීමේ අරමුණින් ආනයනය කරන ලද නවතම ‘මෙට්‍රෝ’ බස් රථ 104ක් ඊයේ (29) රාත්‍රියේ කොළඹ වරායට ළඟා වී තිබේ. 2025 අයවැය යෝජනාවලට අනුකූලව ක්‍රියාත්මක කෙරෙන Urban Luxury Transport (නාගරික සුඛෝපභෝගී ප්‍රවාහන) වැඩසටහනේ මූලික පියවරක් ලෙස මෙම බස් රථ තොගය මෙරටට ගෙන්වා ඇත.

මගී ජනතාවට විශ්වාසනීය සහ සුවපහසු ගමනාගමන සේවාවක් සපයමින් සමස්ත ප්‍රවාහන පද්ධතියම ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ සන්ධිස්ථානයක් ලෙස මෙම ව්‍යාපෘතිය සැලකේ.

ලබන සැප්තැම්බර් මාසයේ සිට මෙම නව මෙට්‍රෝ බස් රථ කොළඹ නගරය කේන්ද්‍ර කරගත් ප්‍රධාන මාර්ගවල ධාවනයට එක් කිරීමට නියමිත අතර, එහි මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) විසින් සිදු කරනු ඇත.

මෙමඟින් කොළඹ නගරයේ පොදු ප්‍රවාහන ධාරිතාව ඉහළ යනවා පමණක් නොව, මගීන්ට නවීනතම ගමන් අත්දැකීමක් ද හිමි වේ. රජයේ පුළුල් ප්‍රවාහන ප්‍රතිසංස්කරණවල කොටසක් වන මෙම වැඩසටහන, ජනතාව වෙනුවෙන් තිරසාර මෙන්ම පරිසර හිතකාමී පොදු ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීමේ දිගුකාලීන සැලැස්මක සාර්ථක ඉදිරි පියවරකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here