ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,000 සීමාව ඉක්මවා යමින් 84,091ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (29) දිනය තුළ කිසිදු ඩෙංගු මරණයක් වාර්තා වී නොමැති වුවද, මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 61ක් ලෙස සටහන් වේ. වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය සලකා බලන විට, මෙරට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බස්නාහිර පළාතෙන් රෝගීන් 44,552ක් හඳුනාගෙන ඇති අතර, දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇති දකුණු පළාතෙන් රෝගීන් 12,656ක් වාර්තා වේ.
දිස්ත්‍රික් මට්ටමින් ගත් කල වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 17,850කි. ඊට සමීපව දෙවැනි ස්ථානය ගන්නා කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,716ක් වාර්තා වී තිබේ.
දිවයින පුරා ඩෙංගු රෝගය සීග්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතින මේ වටපිටාව තුළ, රට පුරා අධි අවදානම් කලාප 175ක් හඳුනාගෙන ඇති බවද ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

