බෙන්තොට පැරාමෝටර් අනතුරකින් පලස්තීන කාන්තාවක් මිය ගොස් එහි නියමුවා දිවි ගලවා ගෙන තිබේ.
ඊයේ(29) පස්වරුවේ බෙන්තොට මුහුදට බල ගැන්වූ පැරෂුටයක් (පැරාමෝටර්) කඩා වැටීමෙන් 31 හැවිරිදි පලස්තීන කාන්තාවක් මිය ගිය බව පොලිසිය පැවසීය.
බෙන්තොට වෙරළ මාර්ගයේ පෞද්ගලික ආයතනයක් විසින් මෙහෙයවන ලද විනෝදාත්මක පැරාමෝටර් සවාරියක් අතරතුර මෙම අනතුර සිදුවිය.
අනතුරින් කාන්තාව මිය ගිය බවත්, පැරාමෝටරය පැදවූ කොලොම්බියානු ජාතිකයා සිද්ධියෙන් දිවි ගලවා ගත් බවත් පොලිසිය පැවසීය.
වින්දිතයාගේ දේහය වැඩිදුර ක්‍රියා පටිපාටි සඳහා නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
අනතුරට සම්බන්ධයෙන් බෙන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

